|
Written by Administrator
|
|
Friday, 04 May 2012 10:39 |
ඉපැරණි වෙහෙර විහාර පමණක් නොව වැව් අමුණු පවා නිදන් සෙවීම පිණිස කඩා බිඳ දමන යුගයක, තම බලය රැක ගැනීම උදෙසා කරුණාව වෙනුවට ක්‍රෝධයත්, දයාව වෙනුවට වෛරයත් වපුරන අවස්ථාවක අපි වෙසක් මංගල්‍යය සමරන්නෙමු.
බලය ඇත්තෝ අද බුදු දහම භාවිත කරනුයේ තම බලය රැක ගැනීම සඳහා යොදා ගත හැකි ආවරණයක් ලෙසය. මෛත්‍රිය, මුදිතා, කරුණා උපේකඛා දී ගුණාංගයන් සීමාවී ඇත්තේ ප්‍රචාරක පුවරු සඳහා පමණි.
එවන් පරිසරයක අප සියළු දෙනාම උත්සාහ ගත යුත්තේ බුදුන් වදාළ ධර්මයට අනුකූලව අපගේ ජීවිත හැඩ ගස්වා ගැනීමටය. ධර්මානුකඣල ජීවිතයක් ගත කිරීමටය. බුද්ධ ධර්මයෙහි සඳහන් යහ ගුණාංගයන්ගෙන් අපේ ජීවිත පෝෂණය කර ගැනීමටය.
වෛර සහිතව ජීවත්වන මිනිසුන් මැද, වෛර රහිතව ජීවත් වන්නටත්, වෛරී මිනිසුන් මැද අවෛරීව වෙසෙන්නටත් අපි උත්සාහ ගනිමු.
වෙසක් මංගල්‍යය වඩාත් අර්ථ පූර්ණ වන්නේ එවිටය.
රනිල් වික්‍රමසිංහ
එක්සත් ජාතික පක්‍ෂ නායක සහ විපක්‍ෂ නායක
|