රනිල් වික්‍රමසිංහ

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය
නායක – එක්සත් ජාතික පක්‍ෂය

රනිල් වික්‍රමසිංහ මැතිතුමා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයායි. අභිමානවත් එක්සත් ජාතික පක්ෂයේ නායකයායි. 1977 වසරේ සිට අඛණ්ඩව එතුමන් පාර්ලිමේන්තුව නියෝජනය කරයි.

අපනයන මත පදනම් වු ශක්තිමත් ආර්ථීකයක් ගොඩනැගීම වික්‍රමසිංහ මැතිතුමාගේ අපේක්ෂාවයි. එමගින් රැකියාවක නිරතවීම සහ ජීවත්වීම සඳහා මෙන්ම ව්‍යපාරයක් ආරම්භ කිරීම සඳහා හොඳම රට බවට ශ්‍රී ලංකාව පත් කිරීමට නියමිතයි.

දේශපාලනික ආරම්භය

ඔහු උපත ලැබුවේ 1949දී ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් අනතුරුවය. රනිල් වික්‍රමසිංහ මැතිතුමා නිදහසින් පසු ඇති වූ අලුත් යුගයේ තීරණාත්මක භූමිකාවක නිරත වීමට උනන්දු විය. ඔහු එස්මන්ඩ් සහ නාලිනී වික්‍රමසිංහයන්ගේ දෙටුපුත් වන අතර ඔවුන් දෙදෙනාම ශ්‍රී ලංකාවේ දියුණුව පිළිබඳව ඉතා අධිෂ්ඨානයෙන් කටයුතු කළ ලාංකීය පුරවැසියන් වේ. එසේම රනිල් වික්‍රමසිංහ හට සහෝදරයින් තිදෙනෙක් සහ එක් සහෝදරියක් සිටී.

රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රාථමික සහ ද්වීතික අධ්‍යාපනය කොළඹ රාජකීය විද්‍යාලයේ හැදෑරු අතර ඔහු කොළඹ විශ්ව විද්‍යාලයෙන් නීතිය පිළිබඳව උපාධියක් ලබා, 1972වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිනීතිඥයකු ලෙස දිවුරුම් දෙන ලදී. පසුකාලීනව අවුරුදු 5ක පමණ කාලසීමාවක් තුළ ඔහු නීතිඥ වෘත්තියේ නිරත විය.

වෘත්තියෙන් නීතිඥයකු වූ ඔහු, බියගම නියෝජනය කරමින් 1977දී පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ වරම් ලැබුවේ වයස අවුරුදු 28දී ය. ඔහුගේ සුවිශේෂ දක්ෂතා සහ වැඩ කටයුතු කිරීම සඳහා වූ අද්විතීය හැකියාව නිසා, ඉතා කෙටි කාලයක් තුළ ඔහු විශාල පිළිගැනීමක් ළගා කරගැනීමට සමත් වූ අතර 1978දී ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතා විසින් ඔහුව යෞවන කටයුතු සහ රැකීරක්ෂා කැබිනට් අමාත්‍යවරයා ලෙසත්, පසුව අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසත් පත් කරන ලදී.

ජයග්‍රහණ

නූතන යුගයේ හොඳම අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ඔහුව තවමත් විශේෂඥයන් විසින් සළකනු ලබන අතර, එයට හේතු පාදක වුයේ, 1980 සමයේ ඔහු විසින් ආරම්භ කළ ඉංග්‍රීසි, තාක්ෂණික හා පරිගණක කුසලතා මෙන්ම අධ්‍යාපන පරිපාලන සේවය කෙරෙහි අවධානය යොමු කරන ලද, පාසැල් අධ්‍යාපනය වැඩි දියුණු කිරීම අරමුණු කරගත්, රැඩිකල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසාවෙනි.

නිර්මාණශීලී වැඩසටහන්, තරුණ තරුණියන්ව උනන්දු කරවන වැඩසටහන් වන, යෞවන සමාජ සහ යොවුන්පුරය වැනි තරුණ කඳවුරු හරහා මෙන්ම; නිපුණතා සංවර්ධන වැඩසටහන් තුළින් ඔහු ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ව ප්‍රබෝධමත් කරන ලදී.

කර්මාන්ත, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා ලෙස; ආර්ථික නිදහස් කිරීම හා කාර්මික ජනපද පිහිටුවීම හරහා දුෂ්කර ප්‍රදේශවල කාර්මික සංවර්ධනය කෙරෙහි, අවධානය යොමු කරන ලද, 1989 දී ශ්‍රී ලංකාවේ දෙවන වතාවට සිදුවන ආර්ථික ලිබරල්කරණය ඔහු විසින් අපට දායක කර දුන් තවත් ජයග්‍රහණයකි.

බියගම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස, ඔහු නවීන මාර්ග, විදුලි යෝජනා ක්‍රම, ජල ව්‍යාපෘති, සනීපාරක්ෂක ව්‍යාපෘති, පාසැල්, ප්‍රජා මධ්‍යස්ථාන සහ අනෙකුත් යටිතල පහසුකම් සහිත නවීන ආදර්ශක උප නගරයක් බවට, ඔහුගේ ආසනය සංවර්ධනය කළේය. එමෙන්ම ඔහු විසින් විවිධ කර්මාන්ත වල, තරුණ තරුණියන් හට දහස් ගණනක් රැකීරක්ෂා බිහි කළ, බියගම නිදහස් වෙළඳ කලාපය ස්ථාපනය කිරීමේ දී විශාල කර්තව්‍යයක් ඉටුකරන ලදී.

දේශපාලනයෙන් බාහිර ජීවිතය

ඔහු, ඉංග්‍රීසි අධ්‍යයනාංශයේ මහාචාර්යවරියක මෙන්ම කැලණිය විශ්ව විද්‍යාලයේ ස්ත්‍රී – පුරුෂ සමාජභාව හා කාන්තා අධ්‍යයන කටයුතු විෂයෙහි ජාත්‍යන්තර කීර්තියට පත් ලේඛිකාවක හා දේශකයෙකු වන මෛත්‍රී වික්‍රමසිංහයන් සමඟ 1995 දී විවාහ විය.

උප සභාපති – ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සංගමය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ කේම්බ්‍රිජ් මැසචුසෙට්ස් ආයතනයේ ජාත්‍යන්තර අධ්‍යයන කේන්ද්‍රයේ රොබට් ඊල්හෙල්ම් අධි සාමාජිකයෙකි.
සභාපති – ආසියා ශාන්තිකර ප්‍රජාතන්ත්‍රවාදී සංගමය.
කැළණිය රජමහා විහාරයේ දායක සභාවේ සභාපති.
ගංගාරාමය, වාලූකාරමය හා වේරගොඩැල්ල (සේදවත්ත) විහාරස්ථානයන්හි දායකයෙකු වශයෙන් ද කටයුතු කරයි

Latest Facebook Updates

Ranil Wickremesinghe
Ranil Wickremesinghe3 days ago
ජාතික ආණ්ඩුව යටතේ අපි භාණ්ඩාගාරය පාර්ලිමේන්තුවට යටත් කර, ජනතාවට තිබෙන බර ඉවත්කර තිබෙනවා. අප කටයුතු කරන්නේ කෝටි ලක්ෂ තුනක ණය අපේ කාලයේදී ගෙවා දැමීමටයි.
Ranil Wickremesinghe
Ranil Wickremesinghe
Ranil Wickremesinghe3 days ago
මා අද පෙරවරුවේ ගිංතොට ප්‍රදේශයේ සංචාරය කරමින්, ප්‍රදේශවාසී සිංහල හා මුස්ලිම් ජනතාව හමුවුණා.

දෙපාර්ශවයේම සිටින අන්තවාදීන් මෙවැනි සිද්ධීන්ගේ මුවාවෙන් ජාතික අසමගිය ඇති කොට යම් යම් වාසි ලබා ගැනීමට උත්සාහ කරන බවත් ඒ අන්තවාදීන් ස්වල්ප පිරිස් පිළිබඳ දැඩි අවධානයෙන් සිටින ලෙසත්, සාමය හා සමගිය ආරක්‍ෂා කිරීම සඳහා හැකි ශක්ති ප්‍රමාණයෙන් කැපවන ලෙසත් එහිදී මා සියළු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියා.

2015 ජනවාරියේ මේ රටේ බහුතර ජනතාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත් කොට, යහපාලන රජයක් පිහිටවූයේ ජාතික සමගිය හා සංහිදියාව ශක්තිමත් හා තහවුරු කිරීමේ අරමුණින්. ඊට විරුද්ධ බලවේග හැම විටම උත්සාහ දරන්නේ ජාතීන් අතර අසමගිය ඇති කොට තම තමන්ට වාසි ලබා ගැනීමටයි. අප ඒ පසුබිමද අවබෝධ කරගත යුතුයි.

මේ ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය සියළු දෙනාම එකට එක්ව සමගි සම්පන්නව ජීවිත් වීමටයි. ඔවුන් වසර ගණනාවක් තිස්සේ එකට ජීවත් වෙන අසල්වැසියන්. මිත්‍රයන්. සමහරු අතර නෑකම්ද ඇතිවී තිබෙනවා.

සිදු වූ අවාසනාවන්ත තත්වයට වගකිවයුත්තන් අපේ ආරක්‍ෂක අංශ විසින් නීතිය ඉදිරියට පමුණුවාවි. අප ඔවුන්ට කිසිදු බුරුලක් දෙන්නේ නෑ.
මේ සිද්ධිය අවස්ථාවේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සමහර පුද්ගලයන් අසත්‍ය ආරංචි පතුරවමින් රට ගිනි තැබීමට උත්සාහ කළා. බොරු දුරකථන ඇමතුම් දෙමින් ජනතාව ඇවිස්සීමට ක්‍රියා කළා. මේ ප්‍රදේශයේ ජනතාවත් ඒ පිළිබඳව මට කරුණු ඉදිරිපත් කළා. ඒ බොරු ප්‍රචාර පතුරවන්නන්ටත් නීතිය ක්‍රියාත්මක කරනවා.

මේ ප්‍රදේශයේ සමහරුන්ගේ දේපල හානි සිදු වී තිබෙනවා. ඒ සියල්ල පිළිබඳව පැමිණිලි ඔබේ නිවෙසටම පැමිණ සටහන් කර ගැනීමේ ක්‍රමවේදයක් සකසා තියෙනවා. ඒ වගේම සිදු වූ පාඩු තක්සේරු කිරීම සඳහා නිලධාරීන් යොදවා තිබෙනවා. සිදුවූ හානි සම්බන්ධයෙන් වන්දි ලබා දීම සම්බන්ධව ද අප ක්‍රියා කරනවා.

ප්‍රදේශයට අවශ්‍ය පූර්ණ ආරක්‍ෂාව නිරන්තරයෙන් ලබාදීමට කටයුතු කරන ලෙසත් මා ආරක්‍ෂක අංශ වෙත උපදෙස් දුන්නා.
Ranil Wickremesinghe
Ranil Wickremesinghe4 days ago
පාර්ලිමේන්තු සංකීර්ණයේදී මා, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාත්‍යන්තර සහයෝගීතා සහ විදේශ කටයුතු අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා බින් සහේඩ් අල් නයින් මහතා හමුවුණා. මෙහිදී දෙරටටම වැදගත්වන කරුණු රැසක් සම්බන්ධයෙන් අප සාකච්ඡා පවත්වනු ලැබු අතර ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර රේගු කටයුතු පහසු කිරීම හා දෙරට අතර කන්සියුලර් කටයුතු සදහා ඒකාබද්ධ කමිටුවක් පිහිටුවීමට අදාලව ගිවිසුම් දෙකක්ද ඇතිකර ගනු ලැබුවා.
Ranil Wickremesinghe
Ranil Wickremesinghe added 3 new photos.1 week ago
අප ඔබගේ හඬට සවන් දුන් අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔබට සහ ඔබගේ පවුල සඳහා අත්‍යාවශ්‍ය අහාර ද්‍රව්‍ය වල වියදම අප විසින් 2018 අයවැයෙන් ලැබෙන ප්‍රතිලාභයක් ලෙස අඩු කරන ලදී.

2018 ஆம் ஆண்டின் வரவுசெலவுத் திட்டத்தின் ஒரு பகுதியாக, நாங்கள் உங்கள் கருத்துக்களை செவிமடுத்து உங்களுக்கும் உங்கள் குடும்பத்திற்கும் அத்தியாவசிய உணவு செலவுகளை குறைத்து வருகிறோம்.

As part of Budget 2018, we listened to you and we are reducing the cost of essential food for you and for your family.