සජිත් ප්‍රේමදාස

නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යවරයා
නියෝජ්‍ය නායක – එක්සත් ජාතික පක්‍ෂය

සජිත් ප්‍රේමදාස මහතා නිවාස අමාත්‍යවරයා ලෙස ද, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක වශයෙන් ද කටයුතු කරන අතර, ඔහු හම්බන්තොට දිස්ත්‍රික්කයේ නියෝජනය කරනු ලැබේ.

අමාත්‍යවරයෙක් හා නියෝජ්‍ය නායකයෙක් වශයෙන්, ඔහු ඉතා අධිෂ්ඨානශීලී ලෙස, රැඩිකල් නිවාස ගොඩනැගීමේ වැඩපිළිවෙලක් හරහා සෑම ශ්‍රී ලාංකිකයෙකුටම හිසට සෙවණක් ලබාදීමට කටයුතු කරමින් පවතී.

දේශපාලනික ආරම්භය

ඔහු 1967 දී උපත ලැබූ අතර ඔහුගේ දෙමව්පියන් රණසිංහ ප්‍රේමදාස හා හේමා ප්‍රේමදාස වේ. ඔහු ඉතා කුඩාකලම ජාතික සේවය පිළිබඳ අවබෝධයක් වර්ධනය කර ගත්තේය.

සජිත් ප්‍රේමදාස මහතා කොළඹ ප්‍රාරම්භක ශාන්ත තෝමස් විද්‍යාලයේ සහ කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීය. ඔහු ලන්ඩන් නුවර මිල්-හිල් පාසැලේ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සම්පූර්ණ කළේය. එහිදී ඔහු දේශපාලනය සහ ව්‍යාපාර අධ්‍යයන උසස් පෙළ ප්‍රතිඵල සඳහා විශේෂ ත්‍යාගයක් ලබා ගත්තේය.

ඔහු ලන්ඩන් ආර්ථික විද්‍යා විද්‍යාලයෙන් හා ලන්ඩන් විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා වලින් උපාධි හිමි කර ගත් අතර; ඔහුගේ උපාධි පාඨමාලාව ආර්ථික විද්‍යාව, දේශපාලනය සහ ජාත්‍යන්තර සබඳතා යන විෂයන් ආවරණය කළ අතර, පසු කාලීනව එය ඔහුට ඉතා හොඳ ස්ථාවරයක් ලබා දුන්නා, බිම් මට්ටමේ දේශපාලකයෙකු ලෙස, ඔහුගේ දේශපාලන දිවිය ආරම්භ කිරීමේදී.

සජිත් ප්‍රේමදාස මහතා ඉතා දුර්ලභ අවස්ථාවක් වන, එක්සත් ජනපදයේ සෙනට් සභාවේ සෙනට් සාමාජික ලැරී ප්‍රෙස්ලර් මහතා යටතේ විදේශ සම්බන්ධතා කමිටුව තුළ තම සීමාවාසික පුහුණුව සම්පූර්ණ කිරීමේ අවස්ථාව උදාකර ගත්තේය.

1993 ඛේදවාචකයක් සිදු වූ අතර, සජිත් මහතාගේ ගේ පියා ඝාතනය කරන ලදී. එහිදී තරුණ ප්‍රේමදාස මහතාට ඇමෙරිකාවෙන් පිටත් වී තම මව්බිම කරා පැමිණීමට සිදුවිය.

ජයග්‍රහණ

දේශපාලන ගමනට අවතීර්ණ වීමට, ඔහුට වැඩි කාලයක් ගත වුයේ නැත. ඔහු පියාගේ ජනසවිය වැඩසටහනට සමාන, ජනසුවය වැඩසටහන හරහා ඔහුගේ දැක්ම ඉදිරිපත් කර, ඔහුගේ දිස්ත්‍රික්කය වූ හම්බන්තොට දිස්ත්‍රික්කයේ දිළිඳුකම පිටුදැකීම වෙනුවෙන් ක්‍රියාත්මක විය.

වසර ගණනාවක් මුළුල්ලේ බිම් මට්ටමේ වැඩ කරමින්, සජිත් ප්‍රේමදාස මහතා, හම්බන්තොට වැඩිම මනාපයෙන් සහ මුළු රටේම වැඩිම මනාප ප්‍රතිශතය ලබා ගනිමින් 2000දී පාර්ලිමේන්තු වරම් හිමිකර ගත්තේය.

නිවාස අමාත්‍යවරයා ලෙස, ඔහු 2025 වන විට සෑම පුද්ගලයෙකුටම නිවසක් ලබා දීමේ රජයේ උත්සාහය සඳහා නායකත්වය ලබා දුන් අතර ඔහු අමාත්‍යංශයේ දිවුරුම් දීමෙන් අනතුරුව මේ දක්වා ආදර්ශ ගම්මාන 472ක වැඩ කටයුතු අධීක්ෂණය කරනු ලැබූ අතර 2017 අවසාන වන විට ආදර්ශ ගම්මාන 500ක වැඩ කටයුතු නිම කිරීමට ඉලක්ක කර ඇති අතර 2018 සහ 2020 කාලය අතරතුර තවත් ආදර්ශ ගම්මාන 2000ක් නිම කිරීමට ඉලක්ක කර ඇත්තේ 2500ක් වූ මුලු ආදර්ශ ගම්මාන ඉදිකිරීමේ ඉලක්කය කරා ලඟාවීමටය.